61 - අම්බලයාය ග්‍රාම නිලධාරී කොට්ඨාශයට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.
ශ්‍රී ලන්කාවේ බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් අන්තයක පිහිටි මෙම ගම්මානය සුන්දර සෞන්දර්යාත්මක පිහිටීමකට උරුමකම් කියන ග්‍රාම නිලධාරී කොට්ඨාශයකි.
එක් අන්තයක මායිම වන්නේ සුන්දර මා ඔය නදී ලලනාවයි. අනෙක් අන්ත දෙකෙන් ආඬිමුල්ල ග්‍රාමයට හා හල්පේ ග්‍රාමයට මායිම් වන මෙම අම්බලටාය ග්‍රාමයේ බහුතරයක් සින්හල ජනයා වාසය කරන අතර දමිල සහෝදරයින්ද සීමිත ප්‍රමානයක් සිටියී. බහුතරයක් රෝමානු කතෝලික ධර්මය මගින් තම ආද්‍යාත්මික ගුණ වගාව පෝෂනය කරගන්නා අතරේ සැලකිය යුතු පිරිසක් බුදු දහම මගින්ද තම තම ජීවිත යහ පැවැත්ම ගොඩ නගා ගනු ලබයි.
ග්‍රාමය වශයෙන් ගත් කල අම්බලයාය ග්‍රාමය හා කෝපිවත්ත ජනපදය ලෙස පරිපාලනමය වෙන්කිරීමක් සිදු කරනු ලබන අතර පොදුවේ ගත් කල බහුතර ග්‍රාම වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය සැකසී ඇත්තේ මා ඔය ආශ්‍රිතවය. ඊට අමතරව ගඩොල් හා උළු වැනි මැටි ආශ්‍රිත නිශ්පාදන මගින්ද ජීවනෝපාය සරි කරගන්නා මොවුන්ගේ අනෙකුත් සහෝදර ග්‍රාම වාසීන් සත්වපාලනය වැනි ස්වයන් රැකියා තුලින් තම පැවැත්ම ගොඩ නගා ගනී.
No comments:
Post a Comment